(කරන්දෙණිය එම්. සුසිල් පි‍්‍රයන්ත)
සිය වෙළෙඳසලේ එල්ලා තිබූ කෙසෙල් කැනක කෙසෙල් ගෙඩි දෙකක් කෑ එළදෙනෙකුට පිහි පහරවල් දෙකක් ඇන තුවාල සිදුකළ පළතුරු වෙළෙන්ඳකු පිළිබඳ පුවතක් අම්බලන්ගොඩින් වාර්තා වේ.
හේ පළතුරු වෙළෙන්දා මෙන් ජීවත්වූ අයෙකි. ඔහු සිය වෙළෙඳසලේ කෙසෙල් කැන් එල්ලා තැබුවේය. එළදෙනක එම කැනෙන් ගෙඩි දෙකක් කනවා දුටු ඔහුට මාරාවේශ ආවේය. ඔහු හනිකට කෙසෙල් කැන් කැපීමට තිබූ පිහිය ගෙන එළදෙණ කෑ කෙසෙල් ගෙඩි ගණනට සතාට පිහියෙන් ඇන්නේය.
එළදෙන කෑ කෙසෙල් ගෙඩි ගණන දෙකකි. ඔහුද එළදෙනට ඇන්න පිහි පහරවල් ගණන දෙකකි. ඔහුගෙන් පිහිපහරකෑ එළදෙන මරළතෝනි දීගෙන එතනින් එහාට මෙහාට වේගයෙන් දිවගියේ පිහිපහර ඇනීමෙන්වූ වේදනාව දරා ගැනීමට නොහැකිවය.
මේ එළදෙන ලේ පෙරාගෙන එහාට මෙහාට යනු දුටු අය මේ පිළිබඳව විමසිලිමත් වුහ. අවසානයේදී ඇයට සිදුවූ දේ දැනගත් විට බොහෝ අය පළතුරු වෙළෙන්දාට පහර දෙන්නට තැත් කළේ මේ තිරිසනාට කළ තිරිසන් කි‍්‍රයාවට පාඩමක් උගැන්වීමටය. තිරිසන් නොවන අයගේ මැදිහත්වීමෙන් ඔහු පහර කෑමෙන් බේරුණි.
පිහිපාර කා මස් වැදැල්ලක්ද එල්ලෙමින් ලේ පෙරාගෙන එහාට මෙහාට දිවගිය එළදෙන දුටු පිරිසක් මේ පිළිබඳව ජංගම දුරකථනවලින් පශු වෛද්‍යවරයාට දැනුම් දුන්හ. ඒ සමගම කි‍්‍රයාත්මක වූ පශූවෛද්‍යවරයා පැමිණ එළදෙනට ප‍්‍රතිකාර කළේය. එළදෙනගේ පිහි ඇනුම් තුවාලය යථා තත්ත්වයට පත් කිරීමට පශුවෛද්‍යවරයාට මැහුම් දැමීමටද සිදුවිය. ඒ වෙනුවෙන් මැහුම් දාහතරක් දැමීමට ඔහුට සිදුවිය.

