එක දෙක වී පෙනෙන පියාගේ ඇස් ලෙඬේ දුවටත් හැදිලා: රුපියල් 200 ට සීයක් දීලා


දකුණු පළාතේ පෞද්ගලික රෝහලක ඇස් පරික්ෂා කරන අංශයක පසුගියදා සිදුවීමකි. මැදිවිය ඉක්මවූ තැනැත්තකු ඔහුගේ දියණිය යැයි සිතිය හැකි තරුණියක සමග රෝහල් කවුන්ටරයට ආවේ මුදල් බැඳීමටය.
කවුන්ටරයේ වූ හෙදිය තරුණියගෙන් තොරතුරු විමසන අතරතුර පියාගේ ලෙඬේ ගැනද ඇසුවාය. ඇය ද පෙනීමේ දුබලතාව ගැන කීවාය. එවිට පියා නෝනා මට එක පේන්නෙ දෙක වගේ. හැම එකක්ම දෙක වගේ පේනවා. කීවේ අහිංසක ලෙස සිනාසෙමිනි.
ආ හරි කී හෙදිය රුපියල් දෙසීයක් ගෙවන්නැයි තරුණියට කීවාය. ඇය බෑගය ඇර රුපියල් සියයේ නෝට්ටුවක් හෙදියට දුන්නාය. මොහොතක් ඈ දෙස බලා සිටි හෙදිය ඔයාටත් එක දෙක වගේ පේනවා දැයි ඇසුවේ අසල සිටියවුන් සිනා සයුරේ ගිල්වමිනි.