(තිහගොඩ - උපසේන ලියනගම)
තම පියාට අයත් අක්කර තුනක් වූ රබර් ඉඩමක් දෙකට බෙදීමේදී එක් රබර් ගසක් හරියටම ඉඩමේ මායිමට ආවිට දෙපස ඉඩමේ හිමිකරුවන් වූ පුතුන් දෙදෙනා එම රබර් ගසේ දෙපැත්තේ කිරි කපා ගැනීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ කළුතර පළාතෙනි.
රබර් ඉඩමේ මුල්හිමිකරුවා වූ පියාගේ උරුමය පිළිබඳව ආරවුල් කරගත් මේ පුතුන් දෙදෙනාට ඉඩම අක්කර එකහමාර බැගින් සමසේ බෙදීමේ දී මායිමට ආ රබර් ගස පිළිබඳව දෙදෙනා ආරවුල් නොකොට මෙසේ කිරි කපාගත් අතර පසු කලෙක මේ මුළු ඉඩමේ පැරණි රබර් ගස් ඉවත් කිරීමට ගස් මිලදී ගත් කොන්ත‍්‍රාත්කරු මේ රබර් ගසේ දෙපැත්තෙන් කිරි කපා ඇති ආකාරය දැක ඒ ගැන විමසූ විට මේ අපූරු පුවත දැනගෙන අසල්වාසීන්ට කියා තිබේ.
මේ රබර් ගසත් එකගෙයි දීග කන කෙනෙක් වගේ කෙට්ටු වී ගොස් තිබූ බවද ඔහු පැවසුවාලූ.

