අහන්න ගිය සාස්තරේ සිසුවියන්ට කොඩි විනයක් වෙලා


ඉගෙනගන්න බැරි ලෙස කොඩිවිනයක් කර ඇතැයි පාසල් සිසුවියන් පිරිසක් බියගැන්වූ ශාස්ත‍්‍ර කියන කාන්තාවන් කණ්ඩායමක් කොඩිවිනය ඉවත් කරන්නම් කියා සිසුවියන් සතු මුදල් ලබාගෙන පලාගිය සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි.

අතිරේක පංතියකට ගොස් ආපසු නිවෙස් බලා යාමට බස් නැවතුමක රැුඳී සිටි අතරේ පැමිණි මෙම ශාස්ත‍්‍ර කියන කාන්තාවන් කණ්ඩායම සිසුවියන් ළඟට පැමිණ පොඩි නෝනා ”ශාස්ත‍්‍රයක් බලමුද” කියා අසා ඇත.

එවිට ශාස්ත‍්‍ර බැලීමට තමන් ළඟ මුදල් නැතැයි කියූ විට කමක් නෑ, ටිකක් අතදෙන්න බලන්න. සැප විඳින්න වගේම කරදර තිබෙන බව මුහුණුවලින් පේනවා. සල්ලි එපා නිකම් කියන්නම් කියා සිසුවියන් කිහිප දෙනකුගේ හස්ත රේඛා පරීක්ෂා කර ඇත.

මෙලෙස හස්ත රේඛා පරීක්ෂා කිරීමෙන් සිසුවියන්ට ළඟදී ලොකු කරදරයක් වෙන්න තිබෙනවා කියා බිය ගන්නා එය වැලැක්වීමට පඬුරු වශයෙන් රුපියල් 300 බැගින් දෙන ලෙස ඉල්ලා ඇත.

මෙයින් බියට පත්වූ සිසුවියන් දෙදෙනකු තමන් සතුව තිබූ මුදල් එකතු කර දී තිබෙන අතර තවත් සිසුවියන් දෙදෙනකු මුදල් නැතැයි කියා ඇත. එවිට එහෙනම් කරදර වෙයි කියා බිය ගන්නා නැවත එන බවත් කියා එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

මෙයින් බියට පත්වූ සිසුවියන් ළඟ සිටි වැඩිහිටියකුට මේ බව පවසා ඔහු මාර්ගයෙන් සිද්ධිය පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා තිබේ. එහෙත් පොලීසිය පැමිණෙන විට එම ශාස්ත‍්‍ර කියන කාන්තාවන් පිරිස ප‍්‍රදේශයෙන් පලාගොස් ඇත.