සිංහල අවුරුදු උත්සවය සඳහා ආධාර එකතු කිරීමට ගිය අවස්ථාවේ ආධාර පත‍්‍රයේ කනා මුට්ටි බිඳීමට එන බවට සඳහනක් කළ ගැමියකු පිළිබඳව සියනෑවේ ගම්මානයකින් වාර්තා විය.
උතුරු දුම්රිය මාර්යට සමීප ගම්මානයකි. තරුණ පිරිසක් අවුරුදු උත්සවයක් පැවැත්වීමට තීරණය කොට ගම්වාසීන්ගේ සහාය ලබාගැනීමට තීරණය කෙරිණි. මේ අනුව පිරිසක් ගෙන් ගෙට ගියේ මුදලින් හෝ ද්‍රව්‍යමය ආධාර ලබාගැනීමේ අදහසිනි.
රුපියල් දහස, පන්සීය බැගින් මුදල් ආධාර ලැබිණි. ඒ අතර විවිධ තරග සඳහා ත්‍යාග ලබාදීමට ද සමහරුන් ඉදිරිපත්ව ඒ බව ආධාර පත‍්‍රයේම සටහන් කරනු ලැබීය. තරමක් මසුරකු වූ ව්‍යාපාරිකයකුගේ නිවෙසට මේ පිරිස ගියේ නොගියොත් එය හේතුවක් කරගෙන දොස් ඇසීමට සිදුවනු ඇතැයි යන කාරණාව මතය.
කණ්ඩායමේ නායක, තරුණයා අරමුණ පැහැදිලි කළේය. මුදලින් හෝ වෙනත් ආධාරයක් ලබාදිය හැකි බව කීය. හොඳයි හොඳයි ගැඹුරු හඩින් පැවසූ ව්‍යාපාරිකයා ආධාර පත‍්‍රය රැගෙන ගෙට ගියේය. ටික වේලාවකින් ආ ඔහු එය තරුණයා අතට දුන්නේය. මම එදාට නොවැරදීම එනවා ව්‍යාපාරිකයා කීය.
පාරට ගිය තරුණ පිරිස ආධාර පත‍්‍රයේ සටහන කියවීය. ”කනා මුට්ටි බිඳීමේ තරගයේ තරකරුවකු ලෙස මම සහභාගි වෙමි” ව්‍යාපාරිකයාගේ නමට ඉදිරියෙන් සටහන්ව තිබිණි. මේ සති අන්තයේ අවුරුදු උත්සවයට ඔහු එනතුරු දැන් තරුණ පිරිස බලා සිටින්නේ ඔහුට පාඩමක් ඉගැන්වීමේ අරමුණ ඇතිවය.

