(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ මූලික රෝහලේ අංක 9 වාට්ටුව ද තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව හොරණ මූලික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය .
මේ වන විටත් වසා දමා තිබෙන අංක 5 වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරු සහ අනෙකුත් වෛද්‍යවරුන් අංක 9 වාට්ටුවේ ද සේවය කර තිබෙන බැවින් මෙම පියවර ගත් බව වෛද්‍ය අධ්‍යක්ෂකවරිය පැවසුවාය.

