හුදකලා කළ ගෝලින්දාවත්තෙන් තවත් ආසාදිතයන් 43ක්


(නයෝමි දිල්රුක්ෂි)

දැනට සංචරණ සීමා පනවා ඇති කෑගල්ල ගෝලින්දාවත්ත වතුයායේ 03 වන කොටසේ සිදුකල පී සි ආර් පරික්ෂණ 120 කින් අසාදිතයන් 43 දෙනකු හදුනාගෙන ඇති බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක මහතා අද 13දා පවසයි.

මෙම අසාදියන් හතලිස් තුන්දෙනා සමග ඵම වතුයායේ කොවිඩි 19 ආසාදිත වු මුළු ගණන 94 දක්වා ඉහල ගොස් තිබෙි.

වයිරසය අසාදිත පුද්ගලයන් උදුගොඩ වරකාපොල රඹුක්කන පින්නවල බෙලිගල කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර පලමු ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරිමට මෙි වන විට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇතැයි බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක මහතා අප සමග වැඩිදුරටත් පැවසීය.