
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 22දෙනකු සුවය ලබා අද(27) පිටව ගිය බැවින් සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 3200 ඉක්මවූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3208කි. 128දෙනෙක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.
සුවය ලබා පිටව ගිය පිරිස අතර,
ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් - 5
වැලිකන්ද මූලික රෝහලෙන් - 7
ඉරණවිල රෝහලෙන් - 5
මුල්ලේරියාව රෝහලෙන් - 1
හම්බන්තොට රෝහලෙන් - 4 ක්, ලෙසින් පිරිස වෙති.
අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති කොරෝනා බවට සැකසහිත රෝගීන් ගණන 40කි.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3349ක් වන අතර මේ වනවිට 13දෙනෙකු මියගොසිනි.


