( තිළිණි ද සිල්වා )
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් මිය ගොස් ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය අද (27) පැවසුවාය.
මෙලෙස මිය ගොස් ඇත්තේ පුන්කුඩිතිව් ප්‍රදේශයේ පදිංචිව සිට එරටට පැමිණි ලාංකික පිරිමි පුද්ගලයෙකි.
එම පුද්ගලයා මිය යන විට 59 හැවිරිදි වියේ පසුවු අයෙක් යැයිද අමාත්‍යාංශ ප්‍රකාශිකාව පැවසුවාය.
ඔහු මිය යන විට ස්විට්සර්ලන්තයේ සෙන් ගැලන් ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.ඔහු එරට ස්ථිර පදිංචිකරුවෙකු යැයිද අමාත්‍යාංශය ප්‍රකාශිකාව කීවාය.
මෙම ලාංකිකයා ඉකුත් 25 වැනිදා ජර්මනියේ බර්ලින් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගිය බව ස්විස් සෞඛ්‍ය බලධාරීන් ඊයේ (26) දැනුම් දුන් බව විදේශ සබදතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය පැවසුවාය .
මෙම පුද්ගලයාගේ මරණයට හේතුව කොරෝනා වයිරසය ආසාදනය වීම යැයිද ස්විස් බලධාරීන් එහිදී දැනුම් දී ඇති බවද ඇය පැවසුවාය .
ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගිය පළමු ලාංකිකයාද ඔහු බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

