
(නයෝමි දිල්රුක්ෂි)
සංචරණ සීමා පනවා ඇති කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ඨාශයේ ඇටෝරැවාව ග්‍රාමයෙන් කොවිඩි 19අසාදිත රෝගින් 04 දෙනෙකු වාර්තා වී ඇති බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක මහතා අද (06) පැවසීය.
පසුගිය 29 වැනිදා සිදුකල පී.සී.ආර් පරික්ෂාවේ ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව මෙම අසාදිතයින් හඳුනාගෙන තිබේ.
ඇටොරැවාව ග්‍රාමයේ නිවාස 25න් නිවාස 18ක් නිරෝධායනයට යොමුකර තිබෙන අතර අසාදිත රෝගින් ගණන 12දක්වා ඉහල ගොස් ඇත.
ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සූදු පොලක් සහ සාදයක් හේතුවෙන් මෙම අසාදිත පොකුර වර්ධනය වී ඇත.