
(නිමල කොඩිතුවක්කු)
කොවිඩ් 19 ආසාදිතයින් අතර වෛද්‍යවරුන් තිදෙනෙකු අද (11) දිනයේ වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව මාවනැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ කෑගල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇතැයි වාර්ථා වේ.
ඔවුන් මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව ඇතිවූ කොරෝනා රෝගීන්ගේ පළමු ආශ්‍රිතයින් බවට හඳුනා ගෙන තිබේ.
මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව අද දිනයේ ආසාදිතයින් 121 දෙනෙකු වාර්තා විය.

