(තිලකරත්න දිසානායක)
කොවිඩ් 19 ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස වේයන්ගොඩ, පත්තලගෙදර සියනෑ අධ්‍යාපන පීඨය යොදා ගැනීමට තීරණය කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.
මේ සදහා එම අධ්‍යාපන විද්‍යා පීඨයේ සියලු නේවාසිකාගාර යොදා ගැනීමට සැලසුම් කර ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා කීය.
මේ අතර නයිවල උසස් තාක්ෂණික ආයතනය, සෞඛ්‍ය සේවා කටයුතු සදහා පිටතින් පැමිණෙන සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩල සදහා රැදී සිටීමේ මධ්‍යස්ථානයක් ලෙස ලබාදීමට පියවර ගෙන ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
පත්තලගෙදර සියනෑ අධ්‍යාපන පීඨය කොවිඩ් 19 ආසාදිතයින් 250 දෙනෙකු පමණ නිරෝධායනය කිරීමට යුද හමුදාව මගින් සකස් කිරීමට පියවර ගෙන ඇති බවත් අවශ්‍ය වුවහොත් මීරිගම හාපිටිගම ගුරු විද්‍යාලය ද නිරෝධානය කටයුතු සදහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවත් යුද හමුදා ප්‍රධානියකු පිළිතුරු දෙමින් පැවසීය.

