
මෙරටින් තවත් කොවිඩ් -19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඉන් එක් ආසාදිතයෙක් තුර්කියේ සිටත් , තවත් ආසාදිතයෙක් කුවේට් සිටත් , දෙදෙනෙකු චෙන්නායි නුවර සිටත් , හය දෙනෙකු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිටත් මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 2928 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට කොවිඩ් - 19 ආසාදනය වී සුවය ලැබු ආසාදිතයින් ගණන 2789ක් වන අතර තවත් රෝගීන් 128 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.


