
( විනීතා එම් ගමගේ)
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 6 දෙනෙකුට හා නිලධාරියෙකුට කොවිඞ් 19 වයිරසය ශරීරගත වී ඇතැයි බන්ධනාගාර මුලස්ථානය කියයි.
එහි රැඳවියන් දෙදෙනෙක්, කාන්තා අංශයේ රඳවා සිටි සැකකාරියන් සිව් දෙනෙක්, හා නිලධාරියෙකු මෙසේ ආසාදනය වී ඇතැයි සහකාර බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා ලංකාදීපයට පැවැසීය.
රැඳවියන් හයදෙනා ප්‍රතිකාර සඳහා වැලිකන්ද රෝහල වෙත යැවූ බවත් නිලධාරියා අයිඩීඑච් රෝහල වෙත යැවූ බවත් ඒකනායක මහතා සඳහන් කළේය.
මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිත සිරකරුවන් සියලු දෙනා පීසීආර් පරික්ෂණ සඳහා යොමු කරන බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

