
(හර්ෂණ තුෂාර සිල්වා)
ගෝලීය අර්බුද රැසක් ඇති කළ නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19’ වයිරසය මර්දනය කිරීම සඳහා රුසියාවේ විද්‍යාඥයන් සොයාගත් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද විගස එය ශ්‍රී ලංකාවට ලබාදෙන බව මෙරට රුසියානු තානාපති යූරි මතේරි මහතා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අද (21) දැනුම් දුන්නේය.
ඔහු මේ බව දැනුම් දීම කළේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හමු වූ අවස්ථාවේදීය.
රජය ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාවට නව කොරෝනා වයිරසය සාර්ථකව මර්දනය කිරීමට හැකි වූ බවත් ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවටත් එම වගකීම බාරගෙන ඊට නායකත්වය දුන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් රුසියානු රජයේ ප්‍රශංසාව පළ කරන බව ද තානාපතිවරයා එහිදි කීවේය.
විද්‍යාඥයන් මාස දෙකක් තිස්සේ මනුෂ්‍යයන් යොදාගෙන කළ පරීක්ෂණ සාර්ථක වී ඇති බවත් කොවිඩ්-19’ එන්නතට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී ඇති බවත් රුසියාව ඉකුත් දා (11) ප්‍රකාශ කළේය.
විද්‍යා ක්ෂේත්‍රයේ ලබාගත් ජයග්‍රහණය නිවේදනය කරමින් එන්නත තම දියණියකට ලබාදුන් බව ද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එහිදි පැවැසීය.
රුසියාවේ විද්‍යාඥයන් සංවර්ධනය කළ එන්නත තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා ලබන සතියේදී පුද්ගලයන් 40,000කට ලබාදීමට නියමිතව බව රුසියානු මාධ්‍ය පෙරේදා (20) වාර්තා කර තිබිණි.
මේ අතර මෙම එන්නත සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු ලබාගැනීම සඳහා රුසියාව සමඟ සාකච්ඡා පවත්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.


