කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා ලෙබනනයේ මේ වනවිට ක්‍රියාත්මක හුදකළා කිරීමේ ක්‍රියාවලිය සති දෙකකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව අප්‍රේල් 12 වනදා දක්වා බෙනනය වසා දැමෙනු ඇතැයි එරට බලධාරීහු පවසති.
රට පුරා සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත.
ලෙබනනයේ මේ වනවිට කොරෝනා වයිරස ආසාදිත මරණ 6ක් සිදුව ඇති අතර ආසාදිත රෝගීන් 368ක් වාර්තා වී තිබේ.
පසුගිය පැය 24 තුළ වාර්තා වූ නව රෝගීන් සංඛ්‍යාව 35කි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

