(රේඛා තරංගනී ෆොන්සේකා)
ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයේ කොමස් පන්තියෙ සිසුවකුට කොරෝනා ආසාදිත යැයි සනාථ වීම හේතුවෙන් එම පන්තිය වසා දැමීමටත් සිසුන් සහ ගුරුවරිය නිරෝධානය සඳහා යොමු කිරීමටත් (7) කටයුතු කළ බව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
ඒ අනුව කොමස් පන්තියේ අධ්‍යාපනය ලබන සිසුන් විසි දෙනකු සහ අදාළ පන්තියේ ගුරුවරිය ස්වයං නිරෝධානය සඳහා යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.
කොරෝනා අසාදිත යැයි හඳුනා ගත් සිසුවා ඉකුත් දිනෙක හදිසි අනතුරකට ලක්වීමෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකින් ඔවු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බව සෞඛ්‍ය අංශ කියයි.

