රංජන් රාමනායක අත්අඩංගුවට


මලිෂා ගුණවර්ධන


හිටපු පාර්ලිමේන්තු  මන්ත්‍රී  රංජන් රාමනායක මහතා මිරිහාන පොලිසිය විසින් අද(13)රාත්‍රි අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් රාජකාරියට බාධා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා එලෙස අත්අඩංගුවට  ගෙන තිබේ.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට පිලියන්දල දක්වා වියළි ආහාර ප්‍රවාහනයට යැයි කියමින්  ලබාගත් ඇදිරිනීති බලපත් උල්ලංඝනය කරමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ භෞත චිකිස්තක යැයි කියන අයෙක් ද එම වාහනයේ පැමිණ තිබේ.

පසුව ඔහු  පිලියන්දල සිට මාදිවෙල මන්ත්‍රි නිල නිවාස  දෙසට ගමන් කිරිමේදි පොලිසිය  විසින් වාහනය පරික්ෂා කිරිමකට ලක් කිරීමට ගත් උත්සාහයේ දී ව්‍යාජ අයුරන්  මෙම පුද්ගලයා ගමන් කරන ලෙස තහවුරු වී ඇත.

එම සත්‍ය හෙලි විමෙන්  පසු  හිටපු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාද  එම ස්ථානයට පැමිණ  පොලිසියේ කටයුතු සඳහා බාධා කිරිමෙන්  පසු ඇති තත්ත්වය මත රාජකාරියට බාධා කිරිමේ චෝදනාව මත මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි.