( ලසන්ත නිරෝෂණ පෙරේරා සහ වයි.ඒ.එස්.විරවංශ )
බලන්ගොඩ උඩකන්ද ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකට සහභාගී වු පුද්ගලයෙකුට ද කොරෝනා ආසාදිත බවට තහවුරු විම නිසා එම ප්‍රාදේශයේ නිවාස 5 ක පදිංචිකරුවන් 15 දෙදෙනෙකු අද (14) පස්වරුවේදි ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
එම පුද්ගලයා මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයට සම්බන්ධ පුද්ගලයෙකි.
බලන්ගොඩ සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මෙම නිවාස පහ නිරෝධායනයට යොමු කරනු ලැබිය.
බලන්ගොඩ උඩකන්ද ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසට ඉකුත් 5 වනදා රාත්‍රී පැමිණ ඇති ඔහු එහි පැය කිපයක් ගතකර ඇති බවට ඊයේ (13) තහවුරු වීමෙන් පසු එම අවමංගල්‍ය පැවති නිවෙස සහ අවමංගල්‍යය නිවසට ඒ අවස්ථාවේදී පැමිණි පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

