මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තව 39ක් එක්වෙයි


මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ ආසාදිතයන් පොකුරට තවත් කොරෝනා ආසාදිතයන් 39 දෙනෙකු අද(12) හඳුනාගෙන තිබේ.

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයන් හෝ කාර්යමණ්ඩලයේ 25දෙනෙක් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 14දෙනෙක් ඊට ඇතුළත් වෙති.

මේ දක්වා වාර්තා වී තිබූ මුළු ආසාදිතයන් ගණන 1307කි.

මෙම ආසාදිතයන් 39දෙනා සමඟ මුළු ආසාදිතයන් ගණන 1346 දක්වා ඉහළ ගොස් තිබේ.