
(හර්ෂණ තුෂාර සිල්වා)
නව කොරෝනා වයිරසය ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයකුට වයිරසය ආසාදනයවී ඇති බව තහවුරු වීමත් සමඟ එම ඇඟලුම් කම්හලෙන් වාර්තා වන ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත පොකුරේ රෝගීන්ගේ ගණන 1,053 ක් දක්වා ඉහළ ගියේය.
අද (8) පස්වරුවේ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයකුට සහ ආශ්‍රිත පුද්ගලයන් අටදෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවිකාවකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව මුල්වරට හඳුනාගත්තේ ඉකුත් (4) වැනිදා ය.
මේ වනවිට සොයාගෙන ඇති නව පොකුරට අයත් වයිරස ආසාදිත රෝගීන් අයි.ඩී.එච්, ඉරණවිල, මිනුවන්ගොඩ, ගම්පහ, මුල්ලේරියාව, තෙල්දෙණිය, හම්බන්තොට යන රෝහල්වලට ඇතුළත් කර ඇත.
මේ අතර මෙරටින් අද (8) පස්වරු 10.30 වනවිට හමු වූ මුළු වයිරස ආසාදිතයන්ගේ ගණන 4,482ක් දක්වා ඉක්ම ගොස් තිබූ අතර අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ සහ තවත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන වයිරස ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 1,191ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
වයිරසය ආසාදනය වී සුවය ලබා ඇති පිරිසගේ සංඛ්‍යාව 3,274ක් වන අතර දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව 289 යැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.


