(චාපා මධුභාෂිණි)
මැදිරිගිරියේ ඇගළුම් කරම්ලක සේවක සේවිකාවන් 26 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
මෙම ඇඟළුම් ආයතනයේ රෝගීන් හතර දෙනකුට කොරෝනා වයිසරය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු සැක සහිත සේවිකාවන් 50 දෙනකුට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී තවත් ආසාදිතයන් 26 දෙනා හඳුනාගෙන ඇත.
මෙම ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් 741 දෙනකු සේවය කරන අතර ඉන් 26 දෙනකුට කොරා්නා වයිරසය ආසාදය වුවද කම්හල වසා දැමීමේ අවශ්‍යතාවයක් නැතැයි සෞඛ්‍ය අංශ කියයි.