(ටී. එල්.ජ්ව්ෆර්කන්)
මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉඩම් ලියාපදිංචි අංශයේ සේවකයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම අංශයේ කටයුතු නැවත දැනුම් දෙනතුරු නතර කර ඇති බව මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කනවතිප්පිල්ලයි කරුණාකරන් මහතා පැවසීය.
ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ සේවකයා රාජකාරී සදහා අද පැමිණෙනවිට රිය අනතුරකට ලක්ව කලුවාන්චිකුඩි රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එහිදී සිදුකල ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට අනුව ආසාදිතයකු බවට තහවුරු වී ඇත.
ඉඩම් අංශයේ සියලුම සේවකයින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උපදෙස් ස්වයං නිරෝධානය කර ඇති බව දිස්ත්‍රික්ක ලේකම්වරයා පැවසීය.