බණ්ඩාරගම වික්‍රමශීලා පිරිවෙන තාවකාලිකව වහයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම වික්‍රමශීලා පිරිවනේ හිමිවරුන් විසිතුන් දෙනකු ඇතුළු 25 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් එම පිරිවෙන  අද  (21) දින සිට  තාවකාලිකව වසා දැමුනු බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පවසයි  

ආසාදිත  හිමිවරුන් අතර  පිරිවෙන් අධ්‍යක්ෂක හිමියන්ද සිටින බව සෞඛ්‍යය   අධ්‍යක්ෂවරයා කීය 

ඉකුත්    දින දෙක තුන තුළ එම පිරිවනෙහි හිමිවරුන් කීප දෙනකුට කොරෝනා  රෝග ලක්ෂණ පහල වීම හේතුවෙන්   පිරිවෙනේ වැඩ වාසය කරන හිමිවරුන් 40 දෙනකු හා පිරිවෙන් භූමියේ   ඉදිකිරීම් කටයුත්තක නිරත  පෙදරේරුවන් දෙදෙනකු උදෙසා බණ්ඩාරගම  සෞඛ්‍ය ඇති නිලධාරී කාර්යාලය මගින්   අද  (21)   සිදුකරන ලද රැපික් ඇන්ටිජන්  පරීක්ෂාවේ දී ඒ බව තහවුරු වී ඇතැයි  සෞඛ්‍ය අධ්‍යක්ෂක වරයා වැඩිදුරටත් පැවසීය