පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ 8 ට කොරෝනා


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ තවත් සිසුන් 8 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම සිසුන් 8 දෙනාට වයිරසය ආසාදනය වූ බව තහවුරු වීමෙන් පසුව පොල්ගොල්ල නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබ තිබේ.

මීට පෙර අවස්ථාවකදී ඉංජිනේරු පීඨයේම එක් සිසුවකුට වයිරසය ආසාදනය වීමෙන් පසු සිදුකළ පීසිආර් පරීක්ෂණ වලින් පසු සිසුන් 48 දෙනකු නිරෝධායනයට ලක් කෙරිණි.

ආසාදිත 8 දෙනා ආශ්‍රය කළ පුද්ගලයින් 250 දෙනකු නිරෝධායනයට ලක්කර ඇත.