ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් තිස් එක් දෙනකු වාර්තා වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
ඇරැව්වලින් 09ක් ද,රත්මල්දෙනියෙන් 09ක් ද , බෝකුන්දරින් 10 හා ගොරකපිටියෙන් 03 දෙනකු ඇතුළු 31 දෙනකු ආසාදිතයින් ලෙස මෙසේ හදුනාගෙන ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කියයි .
ඒ අනුව මෙම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් එකසිය පනස් දෙනකුට ආසන්න පිරිසක් ස්වයං නිරෝධානය ට ලක් කර ඇතැයි වාර්තා වෙයි.

