පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට කොරෝනා එන්නත


සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට(16) සිට  කොරෝනා මර්දන එන්නත ලබාදීමට සූදානම් බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

එන්නත ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹ යුද හමුදා රෝහල වෙත උදෑසන 8.30ත් 12.00ත් අතර පැමිණිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව, 16, 17, 18 සහ 19 යන දිනවලදී කොරෝනා මර්දන එන්නත ඔවුන්ට ලබාදෙනු ඇත.

මීළඟ පාර්ලිමේන්තු රැස්වීම ලබන සතියේ අඟහරුවාදා දිනයේදී පැවැත්වීමට නියමිතය.