නිරෝධායන නීති නොතකා එක පොදියට ත්‍රිරෝද රථවල ගිහින්


(ජේ.කේ.එල්. චාමින්ද)
 
නිරෝධායන නීතිරීති උල්ලංඝණය කරමින් ත්‍රිරෝද රථ දෙකකින් ගමන් කළ  පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් හිනිදුම පොලිසිය පවසයි.
 
ත්‍රිරෝද රථ දෙකෙන් ගමන්ගත් පුද්ගලයින් මහාබෝධිවත්ත ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රිරෝද රථ දෙකද පොලීස්භාරයට ගෙන ඇත.
 
මොවුන් නිරෝධායන නිතිරීති උල්ලංඝනය කරමින්  දුරස්ථ භාවයක් නොමැතිව එක පොදියට ත්‍රිරෝද රථවල ගමන් කළ බව පොලිසිය පවසයි.

සැකකරුවන් 07 දෙනා නිරෝධායන  නීති උල්ලංඝණය කිරීම සම්බන්දයෙන් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.