දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරිය හෙට උදෑසන ඉවතට


(මලිෂා ගුණවර්ධන)

කොළඹ,ගම්පහ,කළුතර දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇදිරිනිතිය නැවත දැනුම් දෙන තුරු බලපැවැවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවෙිදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

රටපුරා අනෙකුත් දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇදිරිනිතිය හෙට (26) උදැසන 6 අවසන් වන අතර නැවතත් දහවල් 12.00 ට පනවනු ලැබේ.

පුත්තලමට සහ උතුරු පළාතේ මන්නාරම, වවුනියාව, කිලිනොච්චිය, යාපනය සහ මුලතිව් දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නීතිය සිකුරාදා (27) ඉවත් කරන අතර එදිනම දහවල් 12.00 ට නැවත පනවනු ලබයි.