අවසන් දින තුනේදී ලොව නන්දෙසින් නව කොරෝනා වයිරස ආසාදිතයන් මිලියනයක් වාර්තා වී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
ප්‍රංශය, රුසියාව, නේපාලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයකින්ම වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අතරවාරයේ දී ඉන්දියාවෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන ඊයේ (11) මිලියන 7 ඉක්මවා ගියේය.
මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මීට පෙර වාර්තා නොවූ අයුරින් වේගයෙන් ඉහළ යමින් තිබෙන බව ද ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
|
ඉකුත් මැයි මස අග සිට තවමත් වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එසේ නමුත් ඉන්දියාව ඒ ආසන්නයට පැමිණෙමින් තිබේ. ඉන්දියාවෙන් ඉරිදා දිනයේ දී ආසාදිතයන් 74,383ක් හඳුනාගත් අතර ඒ අනුව එරටින් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන මිලියන 7 ඉක්මවා ගියේය. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 7.7කි.
‘ද නිව්යෝක් ටයිම්ස්’ ඇසුරිනි
055 |

