
(ඩයනා උදයංගනී)
කොරෝනා වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සුවය ලබා අද (20) සිය නිවසට ගොස් ඇත.
රාජ්‍ය අමාත්‍යවරයා කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන් පසු ඉකුත් 8 වැනිදා සිට හික්කඩුව ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් වෙත ප්‍රතිකාර සඳහා යොමුකර සිටියේය.
වෛද්‍ය උපදෙස් මත තමන් තව සතියක කාලයක් නිවසේදී නිරෝධායනය වන බව රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා ලංකාදීපයට පැවසීය.
කොරෝනා ආසාදනය වී සිටි සමයේ තමාට සුවය පැතූ සියලු දෙනාට ස්තුතිවන්ත වන බවද ජයසේකර මහතා කීවේය.

