
(හේමලතා ඩී හේවගේ)
දංකොටුව සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයට අයත් මාවතගම සහ දකුණු ගෝනවිල යන ප්‍රදේශවලින්ද කොරෝනා ආසාධිත රෝගීන් දෙදෙනෙකු අද (11) වාර්තාවී ඇති බව එම සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
මෙසේ ආසාදිතයන් බවට තහවුර වූයේ මාවතගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු සහ දකුණු ගෝනවිල දොඹගහවත්ත පදිංචි 21 හැවිරිදි තරුණයෙකු වන අතර එම තරුණයාගේ පියාගේද පී සි ආර් පරීක්ෂණ සිදුකර ඇති බවද සඳහන්වේග කෝරෝනා ආසාදිත රෝගීන් දෙදෙනා වෛද්‍ය ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමුකර ඇත.
දිවුලපිටිය ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වීමෙන් මාවතගම තරුණයාට ඵම රෝගය වැළඳී ඇති බවත් ගෝනවිල තරුණයා කටුනායක ඇඟලුම් කම්හලක සේවයේ යෙදීසිටියදී මෙම රෝගය වැළදෙන්න ඇති බවද පැවසේ .
මෙම ආසාදිතයන් ඇසුරුකල පවුල් 10 ක පුද්ගලයන් 35 ක් මේවනවිට නිවෙස් තුල ස්වයං නිරෝධායනය කර ඇති අතර අවශ්‍යතාවය අනුව ඔවුන්ගේ පී සි ආර් පරීක්ෂණ සිදුකරන බවද එම කාර්යාලය පවසයි.
දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කිත්සිරි යාපා මහතාගේ උපදෙස් මතල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අමිල ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන අසේල හේරත්, රුචිර අමරසිංහ යන මහත්වරුන් මෙම පිරිස් නිරෝධායනය සඳහා යොමු කළහ.


