ණය කාඩ්පත් වලට උපරිම පොලිය සියයට 15 යි


(මලීෂා ගුණවර්ධන)

ණය කාඩ්පත් වලින් දේශීයව කරනු ලබන රුපියල් 50,000 දක්වා වු  ගනුදෙනු මත ගණනය වන උපරිම පොලිය 15% ක උපරිමයකට යටත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම මූල්‍ය ආයතන වලට උපදෙස් දී තිබේ.

සියලුම ණය කාඩ්පත්වලට ගෙවිය යුතු අවම මුදල 50% කින් අඩුකිරිමට හා රුපියල් 50,000 ට අඩු ණය සිමාවක් සහිත කාඩ්පත්වල ගෙවිම් කල යුතු කාලය අප්‍රේල් 30 දක්වා දිර්ඝ  කිරීමටද ජනාධිපතිවරයා මූල්‍ය ආයතන වලට දැනුම් දී තිබේ.