( ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා සහ ජේ.කේ.එල් චාමින්ද)
ගාලු දිස්ත්‍රික්කයේ ළදරු කිරි පිටි වල හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ කියති.
ඒ අනුව තම ළදරුවන් ට පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට නො හැකි වීම ගැටලුවක් ව පවතින බව මව් වරු කියයි.
මීට ප්‍රධානතම හේතුව මෙම කිරි පිටි බෙදාහැරීමේ ජාලය හරි හැටි ක්‍රියාත්මක නොවීම බව ද වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි.
මීට අමතර ව පරිප්පු සහ ටින් මාළු හිඟයක්ද ප්‍රදේශය පුරා පවතින බව අනාවරණය වී තිබේ.

