(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල දිස්ත්‍රික්කය තුළ මේ වනවිට පුද්ගලයින් 845 දෙනෙකු ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බැව් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
විදේශිය රටවල සිට පැමිණි පුද්ගලයින් සංචාරක මගපෙන්වන්නන් හා විදේශිකයින් මේ අතර සිටින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.
ඇතැම් පුද්ගලයින් ස්ව කැමැත්තෙන්ම ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටිති. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මොවුන් නිරන්තරයෙන් පරික්ෂාවට ලක්කරණ අතර පොලිස් නිලධාරින්ද මොවුන් නිවෙස්වලට වි සිටිනවා ද යන්න පිළිබද සොයා බලති.
කෙසේවුවද මේ වනතෙක් ගාල්ල දිස්ත්‍රික්කය තුළින් වාර්තා වි ඇත්තේ එක් කොරෝනා වෛරසය ආසාදිත වු රෝගියකු පමණි. ඔහු කොළඹ අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබයි.

