ගාල්ල කළුවැල්ල වැඩිහිටි නිවාසයේ 12 කට කොරෝනා


(ඩී.ජී. සුගතපාල)

ගාල්ල කළුවැල්ල විඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 12 කට කොරෝනා ආසාදිතවී ඇති බවට අද (09) තහවුරුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම 12 දෙනා අතර පිරිමි පුද්ගලයින් 5 ක් සහ කාන්තාවෝ 7 ක් වෙති.

පිරිමි පුද්ගලයින් අම්බලන්ගොඩ පොල්වත්ත රෝහලටද, කාන්තාවන් කරන්දෙණිය රෝහලටද ප්‍රතිකාර සඳහා ගෙන ගිය බවද ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම ආසාදිත සියලුම වැඩිහිටියෝ වයස අවුරුදු 70 ඉක්මවු අය වෙති.

පසුගිය මාසයේ මෙම වැඩිහිටි නිවාසයේ මියගිය කාන්තාවකට කොරෝනා ආසාදිවී ඇති බවටද තහවුරුවී තිබිණ.