
(ඉන්දිකා රාමනායක)
කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොලිස් කොට්ඨාස 14ක් ඇතුළු පොලිස් කොට්ඨාස 17කට ඇඳිරිනීතිය පැනවූ බව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව, ගම්පහ, ගණේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, විරගුල, වැලිවේරිය, පල්ලෙවෙල සහ යක්කල යන පොලිස් බල ප්‍රදේශ 14ටද, කැලණිය පොලිස් කොට්ඨාසයේ ජාඇළ සහ කඳාන යන පොලිස් බල ප්‍රදේශවලටද, දිවුලපිටියටද අද(07) පෙරවරුවේ සිට ඇඳිරි නීතිය පනවා තිබේ.

