(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 39 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1566 ක් දක්වා ඉහළ ගියේය.
මෙම මරණ මැයි 17 සිට ජූනි 1 වැනිදා දක්වා සිදුවූ ඒවා වේ.
කාන්තාවන් 19ක් සහ පිරිමි අය 20 දෙනෙක් මිය ගිය අය අතර වෙති.
මින් එක් අයකු නිවසේදී මියගොස් ඇති අතර සිව් දෙනකු රෝහල් ගත කරන අවස්ථාව වන විට මියගොස් සිට ඇත. මොරටුව, මුවන්දෙණිය, මාතලේ, බොරැල්ල, බදුල්ල, යාපනය, වහමල්ගොල්ලෑව, ත්‍රිකුණාමලය, ගම්පොල, කොත්මලේ, වවුනියාව, කැලණිය, වත්තේගම, බඩල්කුඹුර, ඇල්පිටිය, දොම්පෙ, කාත්තන්කුඩි, වැල්ලම්පිටිය, වත්තල, හොරණ, බණ්ඩාරගම, මස්කෙලිය, හැටන්, වටවල, නාවලපිටිය, හපුගස්තලාව, කුරුණෑගල, ගෙලිඔය, බොගවන්තලාව සහ මැදවච්චිය යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇත.
මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.

