කොවිඩ් මරණ තවත් 3ක්


 

(යොහාන් භාසුර)

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් තිදෙනකු ඊයේ (31) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (1) පස්වරුවේ තහවුරු කළේය.

මියගිය පුද්ගලයන් තිදෙනාම වයස අවුරුදු 60 ට වැඩි අය බවත් එම පුද්ගලයන් අතර පිරිමියකු සහ කාන්තාවන් 2 ක් වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.