(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 71 දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,751 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 56 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 14දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු අයෙක් ද ඒ අතර වෙති.
මියගිය අය අතරින් 32 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ 39 දෙනෙක් ද වෙති

