කොරෝනා මරණ 29 ට නගී



කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5දෙනෙකු මිය ගොස් ඇතැයි අද (05) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදී.

මියගොස් ඇත්තේ, වයස අවුරුදු 46 සහ 74 වන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ 68, 58, සහ 73 හැවිරිදි කාන්තාවන් තිදෙනෙකි.

මේ අනුව ශ්‍රී ලංකාවෙන්  වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 29ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

එම ආසාදිතයන්ගේ විස්තර පහත නිවේදනයේ දැක්වේ.