කොරෝනා මඬින්න බෝපේ පොද්දල ප්‍රා.සභාවෙන් ලක්ෂ 40ක්


(ජී .ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා )
 
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොරෝනා සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්ෂ 40ක්  යොදා ගැනීමට  විශේෂ සභා රැස්වීමක දී සියලුම මන්ත්‍රීවරුන්ගේ එකඟත්වයෙන් අවස්ථාව  හිමි වූ බව  බෝපේ පෝද්දල  ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් එන් අබේකෝන් මහතා පවසයි.
 
මෙම මුදල් යොදවා ගැනිමින් තම බල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් හාරදාහකට වියළි ආහාර  මල්ලක් නොමිලේ ලබා දීමට කටයුතු කිරීමටද බලාපොරොත්තුවන බවදසභාපති වරයා කීය.
 
තම බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් ගේ සහයෙන්  අඩු ආදායම්ලාභි පවුල් පිළිබඳ සොයා බැලීම සිදු කර තිබේ.
 
මීට අමතර ව මහජනයා නොගැවසෙන  ඇදිරි නීති කාලය තුළදී බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා බල සීමා වේ වීථි විසබීජහරණය කිරීමේ ක්‍රියාවලිය ද නිරන්තරයෙන් සිදු කරන බව ද සභාපති වරයා පැවසීය