කල්බදු ක්‍රමයට ලබාගත් වාහන ලීසීං වාරික-පොලී ගෙවීම මාස 6කට අත්හිටුවයි


( ඩිල්ෂානි චතුරිකා දාබරේ)
 
ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ, ලොරි රථ, ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන කුඩා ප්‍රමාණයේ වාහන, බස් රථ, වෑන් රථ වැනි වාහන කල්බදු ක්‍රමය යටතේ ලබාගත් සියලු වාහන සඳහා ලීසිං වාරික හා පොලී ගෙවීම මාස 6ක කාලයකට අත්හිටුවීමට කැබිනට් අනුමැතිට හිමිව තිබේ.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(25) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ හමුවේදී  මේ පිළිබඳව දැනුම් දුන්නේය.
 
මෙම අවස්ථාවට කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශකවරුන් වන  උසස් අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු එක්ව සිටියහ.