කන්දකාඩු-පුනානි නිරෝධායනය වු 219 නිවෙස් බලා යති


ඉන්දිකා  රාමනායක 

පුනානි සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානවල දින 14ක කාලයක් පුරා  නිරෝධායනය වු තවත් 219 ක  පිරිසක්  අද (25) පෙරවරුවේ සිය නිවෙස් බලා පිටත් වු බව හමුදාව  පවසයි.

පුනානි නිරෝධායන  මධ්‍යස්ථානයෙන් 162  සහ  කන්දකාඩු මධ්‍යස්ථානයෙන් 57 ක් වශයෙන් මෙම පිරිස සිටි බව උසස් හමුදා නිලධාරියෙක් පැවසීය.

දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් පැමිණි මෙම පිරිස ඉකුත් (11) වෙනි දින නිරෝධාන කටයුතු සඳහා පුනානි සහ කන්දකාඩු වෙත යොමුකර තිබිණි.

හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ  අධික්ෂණය හා උපදෙස් මත  නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් රසික  ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් විශේෂඥ වෛද්‍ය ශවේන්  සේමගේ මහතා ඇතුළු කාර්ය කාර්ය 75 කට අධික කාර්ය මණ්ඩලයක් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළහ.

මෙම පිරිස දින 14 ක කාලයක් නිරෝධායනය වීමෙන් අනතුරුව  ඊයේ පෙරවරුවේ හමුදා බස් රථ මගින් ඔවුන්  නිවෙස් බලා යොමු කළ බව යුද හමුදාව සඳහන් කරයි

මෙම පිරිස සමග කන්දල්කාඩු හා පුනානි නිරෝධායන  මධ්‍යස්ථාන  වලට යොමු කළ 28 දෙනතු කොරෝනා ආසාදිත  වී තවමත් රෝහල් ගතකර  ඇත.

(ඡායාරූප - ක.ග කරුණාරත්න)