කදුරුවෙල අගුලු අරී


(ක.ග.කරුණාරත්න)
 
කොරෝනා රෝගීන් විශාල වශයෙන් හමුවීම නිසා දින 14ක පමණ කාලයක් අගුලු දමාතිබූ පොළොන්නරුව, කදුරුවෙල නගරය අද(21) පෙරවරුවේ සිට නැවත විවෘත කිරීමට උපදෙස් දුන් බව පොළොන්නරුව, තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  වෛද්‍ය ඉන්දික දංගම්පොල මහතා පැවැසීය.
 
එසේ වුවද කොරෝනා රෝගීන් හමුවූ වෙළඳසැල් නැවත දැනුම්දෙනතුරු තවදුරටත් වසාතැබෙන බවද ඒ මහතා කීය.
 
කදුරුවෙල නගරයේ දැනට අගුලු දමා ඇති කොටසේ අලුතින් 400 දෙනෙකුගේ කළ පී.සී.ආර් පරීක්‍ෂණ අතුරින් 14 දෙනෙකු කොරෝනා අසාදිතයින් බව අද(21) දිනයේ  තහවුරුවී ඇති බවද වෛද්‍ය දංගම්පොල මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
 
ඒ අනුව තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණක් මෙතෙක් හමුවී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 115කි.