එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරෝනා වයිරසය මැඩපැවැත්වීමේ පියවරක් ලෙස දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇත.
රාත්‍රී 8.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.
එරට සෞඛ්‍ය අංශ පවසන්නේ රටපුරා විෂබීජහරණයට ඉසීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇති බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 333ක් සහ මරණ දෙකක් වාර්තා වී ඇත.
කෙසේ වුවද කුවේට් සහ සවුදි අරාබියේ මීට වඩා දැඩි පියවර අනුගමන කරන බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

