ඉන්දියාවේ කොරෝනා මරණ ලක්ෂය ඉක්මවයි


ඉන්දියාවෙන් වාර්තාවන කොරෝනා වයිරස ආසාධිත මරණ ගණන අද (3) ලක්ෂය ඉක්මවා ගියේය. ඒ අනුව ලොව තෙවැනියට වැඩිම කොරෝනා වයිරස ආසාධිත මරණ ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

ලොව වැඩිම කොරෝනා වයිරස ආසාධිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර දෙවැනි තැන පසුවන්නේ බ්‍රසීලයයි.

ඇමෙරිකාවෙන් වාර්තා වන මරණ ගණන 207,060ක් වන අතර බ්‍රසීලයෙන් වාර්තාවන්නේ මරණ 145,388කි.

අවසන් පැය 24 දී ඉන්දියාවෙන් කොරෝනා වයිරස ආසාධිත මරණ 1,066ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන වයිරස ආසාධිත මරණ ගණන 100,842ක් දක්වා ඉහළ ගියේය.

අවසන් පැය 24 දී ලොව රටකින් වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාධිත මරණ ගණන වාර්තා වී ඇත්තේ ද ඉන්දියාවෙනි.

ඉන්දියාව තුළ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් පසු වැඩිම බලපෑමක් එල්ල වූ මාසය බවට පත්වූයේ සැප්තැම්බර් මාසයයි. සැප්තැම්බර් මාසයේ දී දිනපතා වාර්තා වූ නව කොරෝනා වයිරස මරණ ගණනේ සාමාන්‍ය 1,100ක් විය.

- රොයිටර් අනුග්‍රහයෙනි
- 055