ඇමෙරිකාවේ සම්මානලාභී නාට්‍ය රචක ටෙරන්ස් වයිරසයෙන් මියයයි


සම්මානලාභී අමෙරිකානු නාට්‍ය රචක ටෙරන්ස් මැක්නලී මහතා කොරෝනා වයිරසයෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් මරණයට පත්වී තිබේ.

81 හැවිරිදි ඔහු ෆ්ලොරිඩාහි රෝහලකදී මියගොස් ඇත.

පෙනෙහළු පිළිකාවකට ලක්ව සුවය ලබා ඇති ඔහු නිදන්ගත ශ්වසන ආබාධයකින් පෙළුණු පුද්ගලයෙකි.

වේදිකා නිර්මාණ වෙනුවෙන් පිරිනැමෙන සුප්‍රකට ටෝනි සම්මානයෙන් සිව්වරක් පිදුම් ලබා ඇත.

නාට්‍ය, ගීත නාටක, ඔපෙරා, චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් රැසක් මොහුගේ විශිෂ්ට නිර්මාණ දායකත්වයෙන් බිහිකර තිබේ.



(අල්ජසීරා ඇසුරෙනි)

-226-