
(ඉන්දිකා රාමනායක)
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් 468 දෙනෙකුට මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද(06) තහවුරු වී ඇතැයි හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව, ඇගලුම් කම්හල ආශ්‍රිතව හඳුනාගත් සමස්ත කොරෝනා පොකුර 569 දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ(05) රාත්‍රිය වන විට එම අගය 101ක් බවට පත්ව තිබිණි.
මෙම සියලු දෙනා අදාළ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් වන අතර ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක්කර ඇත.

