(වී. ඒ.නිශ්ශංක)
සීදූව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මෙහෙයවීමෙන් රද්දොළුගම නිවාස සංකීර්ණයේ සහ අවට ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා අහඹු ලෙස පැවැත්වූ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයන්ගෙන් 15දෙනෙකු ආසාදිතයන් බවට අනාවරණය වී ඇත.
මෙම පරීක්ෂණය පසුගිය 25 වනදා සිදුකළ අතර එම අවස්ථාවට 150 දෙනෙකු ඉදිරිපත්ව ඇත. ඉන් 15 දෙනෙකු කොරෝනා ආසාදිතයින් වී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇතිබවත් ඔවුන්ගේ ආශ්‍රිතයින්ව නිරෝධායන කරණ බවත් සීදූව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය නිලධාරි සුරේෂ් කුමාර මහතා පැවසීය.
මෙම 15දෙනාගෙන් නිවාස සංකීර්ණයෙන් ආසාදිතයන් දෙදෙනෙකු ද, සෙසු පිරිස නිවාස සංකීරණය තදාසන්න ප්‍රදේශයන්වල බවද අනාවරණය වී ඇත.